
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ, 2025 වසර සඳහා වන අයවැය මඟින් ලබා දීමට සිදු වන බව ද ඇමැති මණ්ඩලය විසින් නිරීක්ෂණය කර ඇත.
කෙසේ වුවද, 2025 වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම, 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය) ප්‍රකාරව ස්ථාපිත කරන ලද සහ අංක 2354/06 දරන 2023-10-16 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව අවශ්‍ය වන්නේ නම්, අදාළ මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දියයුතු බව ද කැබිනට් මණ්ඩලය විසින් වැඩිදුරටත් සැළකිල්ලට ගෙන තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම කරුණු මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart