
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ ඊළමක් උදෙසා ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද ජන සංහාරය පිළිගන්නා ලෙසත් ඉල්ලා සිටින සුවිශේෂී යෝජනාවක් කොංග්‍රස් නියෝජිත විලි නිකල් විසින් එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.
එක්සත් ජනපද කොංග්‍රසයට ගෙන එන ලද එවැනි ආකාරයේ පළමු යෝජනාව මෙය වන අතර මැයි 18 දින ලොව පුරා දෙමළ ජාතිකයන් විසින් ”දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස සමරනු ලබන බවත්, මුල්ලිවයික්කාල් ජන සංහාරයට වසර 15ක් පිරීම සනිටුහන් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි.
ඊලාම් දෙමළ ජනයාගේ ස්වයංනිර්ණ අයිතියට සහාය දීම සහ දිගුකාලීන සාමකාමී ක්‍රියාවලියක් සඳහා ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්වීම තුළින් දෙමළ ජන සංහාරය ඇතුළු අතීත ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීමට පියවර ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ තවමත් පවතින ආතතින්ට සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් අවශ්‍ය යැයි අවධාරණය කරන බවත් එම යෝජනාවේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart