
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම්කරන ලද මහාචාර්ය ෆසීහා අස්මි සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කර ඇති අතර, ඇය එම තනතුරට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරිය බවට පත්වෙයි.
ඇය පසුගිය ජුනි 30 වැනිදා ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නිල වශයෙන් සිය ධුරයේ වැඩකටයුතු භාරගත්තාය.
එහිදී තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ඇමතූ මහාචාර්ය අස්මි, රජයේ ප්‍රමුඛතා පිළිබඳව පැහැදිලි කළ අතර, ඉරානය මෙන්ම තමන් අක්තගැන්වීමට නියමිත අනෙකුත් රටවල් වන අසර්බයිජානය සහ ටර්ක්මෙනිස්තානය සමඟ පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.
ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමේ ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස වෙළෙඳාම, රැකියා අවස්ථා, අධ්‍යාපනය, ඖෂධ නිෂ්පාදනය, සංචාරක ව්‍යාපාරය සහ සංස්කෘතික සහයෝගීතාව ඇය හඳුනාගත් අතර, ඉරාන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා එරට විදේශ සංචාරක කර්මාන්තය සමඟ එක්ව නව ප්‍රයත්නයන් දියත් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වාදී තිබේ.
මෙම තනතුරට පත්වීමට පෙර ෆසීහා අස්මි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කළාය.
ඇය සතුව සංක්‍රමණය, සංචාරක ව්‍යාපාරය, පශ්චාත් යුද සංවර්ධනය, නාගරික උරුමයන් සහ දරිද්‍රතාවය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණත්වයක් පවතින අතර, අධ්‍යයන හා පර්යේෂණ ක්ෂේත්‍රයේ දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇයට ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය, නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් (NTNU) සිය එම්.ෆිල්. (M.Phil.) සහ ආචාර්ය උපාධිය (Ph.D.) ලබා ඇති අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නෝර්වේ, ෆීජි සහ කැනඩාව යන රටවල අධ්‍යයන තනතුරු හොබවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart