
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති, මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ කොළඹ යශෝධරා විද්‍යාලය අතර තෙවැනි “රන් රැජිනන්ගේ සටන” (Battle of Golden Queens) වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලකුණු 2ක තීරණාත්මක ජයග්‍රහණයකින් අවසන් වුවද, තරගයෙන් පසු විදුහල්පතිනියන් දෙදෙනා අතර ඇති වූ ප්‍රසිද්ධ මතගැටුම හේතුවෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.
ලකුණු 2ක තියුණු පරාජයකින් පසුව පැවැති තිළිණ ප්රදානෝත්සවයේදී අදහස් දැක්වූ යශෝධරා විද්‍යාලයේ විදුහල්පතිනිය, තරගයේ සංවිධානය සහ විනිසුරු තීරණ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින්, ඉදිරියේදී තම විද්‍යාලය මෙම වාර්ෂික ක්‍රිකට් තරගයට කිසිසේත්ම සහභාගී නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය.
තරග තීරකයන් සහ විනිසුරුවන් පත්කිරීම, කාසිය වාසිය උඩ දැමූ ආකාරය මෙන්ම තරගය අතරතුර ලබාදුන් එක්තරා විනිසුරු තීරණයක් සම්බන්ධයෙන් ද ඇය මෙහිදී ප්‍රශ්න කර සිටියාය. පරාජයෙන් පසුව යශෝධරා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් සම්මාන ප්රදානෝත්සවයේදී සම්මාන ලබාගැනීමට ඉදිරිපත්ව නොසිටීම ද විශේෂත්වයකි.
මෙම චෝදනාවලට වහාම පිළිතුරු දුන් වේල්ස් කුමරි විද්‍යාලයේ විදුහල්පතිනිය, තරග නිලධාරීන් සම්බන්ධයෙන් මීට පෙර ලිපි හුවමාරුවේදී යම් වරදක් සිදු වූ බව පිළිගත්තද, තරගයට පෙර සාකච්ඡා කර එම ගැටලුව නිරාකරණය කරගත් බව පැවසුවාය. තවද, සත්කාරක විද්‍යාලය විසින් තරග නිලධාරීන් පත්කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුගමනය කළ බවත්, ඒ පිළිබඳව තරගයට පෙර යශෝධරා විද්‍යාලය දැනුවත් කළද එවිට කිසිදු විරෝධයක් එල්ල නොවූ බවත් ඇය වැඩිදුරටත් කියාසිටියාය.
විදුහල්පතිනියන් දෙදෙනා අතර සිදුවූ මෙම ප්‍රසිද්ධ මතගැටුම සහ යශෝධරා ක්‍රීඩිකාවන් සම්මාන උළෙල වර්ජනය කිරීමේ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්ව ඇත. පාසල් ක්‍රීඩාවකින් ජය පරාජය විඳදරාගැනීම සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රගුණ කළ යුතු පසුබිමක, බලධාරීන්ගේ මෙවැනි හැසිරීම් පාසල් දරුවන්ට නරක පූර්වාදර්ශයක් සපයන බවට බොහෝදෙනා චෝදනා කරති.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart