
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුළු දිවයිනටම බලපෑ ‘දිට්වා’ සුළිකුණාටුවත් සමඟ කැළණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශයට ඇති වූ අසාමාන්‍ය ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ඉහළ බෝමිරිය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ සුවදුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (29) පස්වරුවේ පැමිණියාය.
එහිදී බෝමිරිය කනිටු විදුහලේ තාවකාලිකව නැවතීසිටින ජනතාව හමු වී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට අගමැතිවරිය කටයුතු කළාය.
අවතැන් වූ ජනතාව මේ වන විට මුහුණදෙන අඩුපාඩු පිළිබඳ සොයාබලමින්, ආහාර සනීපාරක්ෂක උපකරණ ඇතුළු අවශ්‍යතා කඩිනමින් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ පිලිබඳව සොයාබැලූ අග්‍රාමාත්‍යවරිය ඇති වී තිබෙන ජාතික ව්‍යසනය අවබෝධ කරගනිමින් අවතැන් පිරිස් වෙනුවෙන් සහන සලසමින් ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන සියලුදෙනාට ස්තූතිය පුදකළාය.
අවතැන් වී සිටින සහ ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබලා කඩිනමින් අවශ්‍යතා සලසා දෙන ලෙස දේශපාලන අධිකාරියෙන් සහ නිලධාරීන්ගෙන් අගමැතිවරිය ඉල්ලා සිටියාය.
මේ වන විටත් ඉහළ බෝමිරිය හා ඒ අවට ගංවතුරෙන් අවතැන් වූ පවුල් සීයකට පමණ අයත් පුද්ගලයන් 320 ක පමණ ඉහළ බෝමිරිය කණිටු විදුහලේ නවාතැන් ගෙන සිටින අතර, මෙම පිරිසේ අවශ්‍යතා පිළිබඳව සොයාබලමින් ඒවා ඉටුකරදීමට යුහුසුලුව කටයුතු කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සමග නගරසභා මන්ත්‍රීවරුද එම අවස්ථාවට සහභාගී වූහ.
අනතුරුව කොලොන්නාව ප්‍රදේශයේ ආපදා තත්ත්වය පිලිබඳ සොයාබැලීමට ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මුල්ලේරියාව ගල්වාන පුරාණ රජමහා විහාරයේ සහ වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයේ පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් වෙත පැමිණ එහි තත්ත්වය පිලිබඳව නිරීක්ෂණය කළාය.
කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමිය ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳවත්, ආහාර සහ සනීපාරක්ෂක උපකරණ කඩිනමින් ජනතාවට ලබාදීම පිළිබඳවත් විමසා සිටියාය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන්වන එරංග ගුණසේකර, චතුරංග අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කොළඹ දිස්ත්‍රීක් ලේකම්, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්, නගරාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart