
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස(අරලියගහ මන්දිරය) කොළඹ නගරයෙන් බැහැරට ගෙන යෑමට නියමිත බව වාර්තාවේ.
මෙම නිවාස කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ගොඩනැගිලි වෙත රැගෙන යෑමට නියමිත අතර, දැනට කොළඹ කොටුව ආශ්‍රිතව පවතින පැරණි ගොඩනැගිලි සංචාරක ආකර්ෂණයක් වෙනුවෙන් පමණක් විවෘතව තැබීමට තීරණය කෙරී ඇතැයි පැවැසේ.
මීට පෙර වාර්තා අනාවරණය කර තිබූ ආකාරයට මෙම ගොඩනැගිලි අතුරින් ජනාධිපති මන්දිරය පාර්ලිමේන්තුව අසල මෑතකදී ඉදිකෙරුණු සඳුන් උයන පවතින ඉඩමේ ඉදිකිරීමටද යෝජනා වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ ධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පරිපාලන සංකීර්ණය එකම ස්ථානයක ගෙනඒමට විකල්ප ඉඩමක් සොයමින් සිටින බවයි.
යෝජිත ‘නව කොළඹ උරුම නගර සැලැස්ම’ යටතේ ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය සහ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය සංචාරක සංරක්ෂක ස්ථාන ලෙස ආරක්ෂා කිරීමට සැලසුම් කර තිබේ.
(මූලාශ්‍රය – sundaytimes)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart