July 22, 2023

1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන සෙල්ලියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිව ඇති බව වාර්තා වේ.

පුද්ගලයන් 91 දෙනෙකුට මරු කැඳවූ 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වරදකරු වීමෙන් පසු සෙල්ලියා නවරත්නම් වසර 200 ක සිර දඬුවමකට යටත් විය.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ සෙල්ලියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිවූයේ යහපත් හැසිරීමක් හේතුවෙන් බවයි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට ද ජනාධිපති සමාව හිමිවූ බවයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

56 හැවිරිදි මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ.යට භාණ්ඩ බෙදා හැරීමේ චෝදනාවට වරදකරු වීමෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියේය.

මෙම සමාව 2023 ජූලි 18 වැනිදා සිට බලපැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

(News First)