September 17, 2026

කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා විසින් රුපියල් 5,000ක දඩයක් නියම කරන ලදී.

මෙහිදී රංගන ශිල්පියාට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය, ඉදිරියේදීත් මෙවැනි වරදකට හසුවුවහොත් ඔහුව පුරුත්ථාපනය සඳහා යොමු කරන බවට අනතුරු ඇඟවීය.

වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ආපනශාලාවක ඊයේ සිදුකළ වැටලීමකදී විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.