
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිශ්චයකාරවරුන් ආදායම් බදු ගෙවීමට යටත් වන බවත්, ඔවුන්ගේ වේතනයෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) කපාහැරීම නීත්‍යානුකූල බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
විනිශ්චයකාරවරුන්ගේ සංගම් කිහිපයක් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් තුනක් නිෂේධ කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය.
2026 සැප්තැම්බර් 15 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද මෙම තීන්දුව, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, විනිශ්චයකාර සේවා සංගමය සහ කම්කරු විනිශ්චයාධිකාරී විනිශ්චයකාරවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම්වලට අදාළ වේ.
විනිශ්චයකාරවරුන්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අයකිරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 2023 වසරේදී අභියාචනාධිකරණය විසින් නිෂේධ කර තිබූ අතර, ඊට එරෙහිව මෙම අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
අග්‍රවිනිශ්චයකාර පී. පද්මන් සුරසේන, ඒ.එල්. ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන පිරිසගෙන් සමන්විත පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.
තමන් රජයේ හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක සේවකයන් නොවන බවත්, බදු අයකිරීමේදී සේවකයන් ලෙස සැලකීම අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන්නක් බවත් විනිශ්චයකාරවරු පෙත්සම් මගින් තර්ක කළහ. එබැවින් ඉදිරියට බදු කපාහැරීම අත්හිටුවන ලෙසත්, දැනටමත් කපා හැරඇති මුදල් නැවත ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
කෙසේවෙතත්, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ, දේශීය ආදායම් පනත මගින් විනිශ්චයකාරවරුන් සහ වගඋත්තරකරුවන් අතර සම්ප්‍රදායික හිමිකරු-සේවක සම්බන්ධතාවයක් නිර්මාණය නොකරන බවයි. ඒ වෙනුවට එයින් සිදුවන්නේ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) කපාහැරීමට වගකිව යුතු පාර්ශ්වය හඳුනාගැනීම සඳහා වැටුප් ගෙවන්නේ කවුරුන්ද යන්න හඳුනාගැනීම පමණක් බව විනිසුරු පෙන්වාදුන්නේය.
දේශීය ආදායම් පනත විනිශ්චයකාරවරුන්ට බලපැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බවත්, මෙම බද්ද සාධාරණ ලෙස සැමට පොදුවේ බලපාන එකක් මිස අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන අන්දමේ වැටුප් කප්පාදුවක් නොවන බවත් අධිකරණය තීන්දු කළේය.
නීතිමය ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අධිකරණය තීන්දු කළේ මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් තමන්ගේ වේතනය මත ආදායම් බදු ගෙවීමට යටත් වන බවත්, එම වේතනයෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) කපා හැරීමට බලධාරීන්ට අයිතියක් ඇති බවත්ය.
කෙසේවෙතත්, ආදායම් බදු පැනවීමත් සමග විනිශ්චයකාරවරුන්ට මුහුණදීමට සිදුව ඇති මූල්‍ය දුෂ්කරතා පිළිබඳව ද අධිකරණය මෙහිදී අවධානය යොමුකළේය. විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ ඊට විසඳුම වන්නේ සැමට පොදුවේ බලපාන බද්දකින් විනිසුරුවන් නිදහස් කිරීම නොව, විනිශ්චයකාරවරුන්ගේ වගකීම් සහ ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ ඔවුන්ට හිමි සුවිශේෂී ස්ථානය සලකා බලා ඔවුන්ට ප්‍රමාණවත් පරිදි වැටුප් හා දීමනා ලබාදීම තහවුරු කිරීම බවයි.
ගාස්තු අයකිරීමකින් තොරව මෙම අභියාචනා පෙත්සම් තුනම නිෂේධ කිරීමට අධිකරණය තීරණය කළේය.
අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරු ද විනිසුරු ජනක් ද සිල්වාගේ තීන්දුව සමග එකඟ වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart