
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්ව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කිරීමට සූදානමින් සිටින නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම අතර හමුවක් ළඟදීම පැවැත්වීමට නියමිතව ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙසේ ගොඩනැගීමට සූදානම් නව දේශපාලන සන්ධානයේ නායකයා ලෙස හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා පත්කර ගැනීමට නියමිතව ඇති අතර, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, පියංකර ජයරත්න ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න ඇතුළු පොදුජන පෙරමුණින් ඉවත්ව සිටින කණ්ඩායමක් සම්බන්ධවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නව සන්ධානය සම්බන්ධයෙන් එම කණ්ඩායම සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සහ නිමල් ලාන්සා මන්ත්‍රීවරයා පසුගිය සතියේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ද තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට නිමල් ලන්සා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරමින් සිටින අතර, එහි ඉලක්කය වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීම බව වාර්තා වේ.
මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයෑමට රාජගිරිය ප්‍රදේශයේ නව කාර්යාලයක් ද විවෘත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart