
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඔක්තෝම්බර් මාසයේදී සිදුකෙරෙන චීනයේ සංචාරය සඳහා දින නියම වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ පළමු චීන සංචාරය මෙයයි.
මෙම තෙදින සංචාරය ඔක්තෝබර් 15 සහ 20 අතර සිදුකිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.
මෙම චීන සංචාරය පිළිබඳව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ චීන පාර්ශ්ව සංචාරය සඳහා න්‍යාය පත්‍රය සකස් කරමින් සිටින බවයි.
චීනය මෙරට ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙක් වන අතර, රටේ ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන අවසන් කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකළ යුතුව ඇත.
කෙසේ වෙතත්, චීනය මෙතෙක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ සිය භූමිකාව පිළිබඳව කිසිදු කැපවීමක් කර නොමැති අතර, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට සහාය දෙන බව පමණක් තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart