March 17, 2026

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ, එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට ද අදහස් කරන බවයි.

“ජනාධිපතිවරයා අද රාත්‍රී 7:30 ට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරයා සිකුරාදා පාර්ලිමේන්තුව අමතන බව දන්වා තිබෙනවා. ඒ අවස්ථාවේ විපක්ෂ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ රැඳීසිටින්නේ නම්, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට පහසුකම් සැලසිය හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂ නායකයන් ජනාධිපති මට්ටමින් තම අදහස් ඉදිරිපත් කිරීමට කැමති නම්, සිකුරාදා ඔවුන්ට එම අවස්ථාව ලබාදීමට අපි අදහස් කරනවා,” ඔහු පැවසීය.