September 25, 2026

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය සලකුණු කරමින් ”අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” තේමාව යටතේ පැවැත්වෙන දැවැන්ත ජන රැලිය සැප්තැම්බර් 27 වන ඉරිදා ගම්පහදී පැවැත්වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කරයි.

ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කර ඇති නිවේදනයකට අනුව, මෙම ජන රැලිය එදින පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත අතර, ඒ හා සමගාමීව සජීවී විකාශ කටයුතු ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන ”අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” ජන රැලී මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම ගම්පහ රැලිය පැවැත්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල ද දිවයිනේ ප්‍රදේශ රැසක මෙම ප්‍රචාරක ජන රැලී සාර්ථකව පවත්වා තිබේ.