May 12, 2026

කිසියම් පරීක්ෂණයකදී යම් පුද්ගලයකුගේ නමක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ වුවහොත් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීම නීතිය බවත් තමාගෙන් පවා එවැනි ප්‍රකාශයක් ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද (12) පෙරවරුවේ සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

“ඕනෑම පරීක්ෂණයකදී යම් කෙනෙක්ගෙ නමක් කියවුණොත් එයාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ ..එහෙම ගන්න ඕනෙ නැද්ද…? එහෙම ගන්න ඕනේ… කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳ යම් කෙනෙක්ගේ නමක් කියවුණා නම් එයාගෙන් සාක්ෂියක් ගන්න ඕනේ… එහෙම සාක්ෂියක් ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් කොහෙන්ද අපේ රටට අවශ්‍ය වෙන්නෙ..? යම් සිදුවීමක් පිළිබඳ මගේ නම සඳහන් වෙලා තියෙනවානම් මගෙන් කට උත්තරයක් ගන්න බැරිද..? අපි නීතියට උඩින්ද…? නැහැ…නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයන් තිබෙනවා….මම ඔබට කියන්නේ අපි හැම දෙනාම මේ පරිවර්තනයට උරදෙන්න ඕනේ… හැමකෙනාම නීතිය ඉදිරියේ සමාන වෙන. හැමකෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.