
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි මාස 03 තුළ බිත්තර මිලියන 92.1ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
මේ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සඳුදා (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද ඉන්දීය සමාගම් 03කින් ශ්‍රී ලංකා රජය මිල ගණන් කැඳවා ඇත.
මිල පිරිවිතර මත කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සලකා බලා, රාජ්‍ය වෙළඳ (විවිධ) සංස්ථාව හරහා බිත්තර ආනයනය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බිත්තර මිල ස්ථාවර කිරීමට සහ දේශීය වෙළෙඳපොළේ පවතින හිඟයට පිළියම් ලෙස බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබාදී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart