
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක්විය.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ආරම්භ කෙරිණි.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි ආලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කළේය.
විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක්විය.
බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 23,24,25 සහ 26 දිනයන්හි දී වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය ඇතුළු සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබේ.
එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය ආරම්භ කෙරිණි.
මේ හා සමගාමීව ෂැංග්‍රිලා හරිත භූමියේ ආරම්භ කෙරුණු මහා බත් දන්සැල විවෘත කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.
මේ අතර පෑලියගොඩ ප්‍රජා සංවර්ධන පදනම, පෑලියගොඩ නගර සභාව සහ වෙළෙඳ ප්‍රජාව එක්ව ප්‍රථම වරට සංවිධානය කර තිබූ වෙසක් කලාපය විවෘත කිරීමට ද ඊයේ (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය කොටපොල මංගල ස්වාමින් වහන්සේගේ සහ පූජ්‍ය වෙළඟේපොල ධම්මික ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් මැයි 23,24 සහ 25 යන දිනයන්හි දී සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය වෙසක් පහන් කූඩු තරගයක්, භක්ති ගීත ප්‍රසංගයක් හා නාට්‍ය සංදර්ශනයක් මෙන්ම බත් දන්සැලක් ඇතුළු විවිධාංග රැසකින් සමන්විතය.
විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ජනාධිපතිවරයා වෙසක් කලාපය වෙත පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
රාජ්‍ය ඇමැතිවරු වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර මරදාන – සුදුවැල්ල එක්සත් බෞද්ධ සංගමය මඟින් වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වෙසක් කලාපය සහ දර්ශනීය වෙසක් තොරණ ඊයේ (23) පස්වරුවේ විවෘත කෙරුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ දේශපාලන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart