
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“දැන් අපි බිංගෙය කෙළවර ලෝකය දකිනවා” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පවසන ලද්දේ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව අමතමිනි.
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපතිවරයා අද ආරම්භ කළ අතර, එහිදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, අර්බුද ජයගැනීම ආරම්භ කළ යුත්තේ තමන්ගෙන්ම බවයි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.
“අර්බුද ජයගැනීම ආරම්භ කළ යුත්තේ තමන්ගෙන්මයි. අපේ සිතුවිලි නිවරැදි කරගත්තේ නැත්නම් රටට යටපතක් නැහැ. මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් ක්‍රමයක් වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ.”
“අද ඩොලරයේ අගය රුපියල් 314යි. දැන් පොලී අනුපාතය 12%යි. දැන් අපේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.”
“දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ.”
“අනෙක් රටවල්වලට සාපේක්ෂව අපේ රටට කෙටි කාලයක් තුළ සුවිශේෂී ජයග්‍රහණයක් ළඟා කරගන්න පුළුවන් නිසා. ඒ දුරදිග බලා සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා.”
“අපි කිසිම පියවරක් සඟවා තැබුවේ නැහැ. මම දේශපාලන වාසිය තකා තීන්දු ගත්තේ නැමැ. රට වෙනුවෙන් නිවරැදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා.”
“අපි මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. අසීරුවෙන්, අකමැත්තෙන් අපි ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමේ ගමන් මාර්ගයට අපි අවතීර්ණ වුණා.”
“දැන් අපි බිංගෙය කෙළවර ලෝකය දකිනවා.”
“සමහරුන්ට රැකියා, ව්‍යාපාර, අයිතිය අහිමිවුණා. මේවා වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි.”
“නිදහසෙන් පසු බලයට ආපු කිසිම ආණ්ඩුවක් ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න කටයුතු කළේ නැහැ. මේක ඓතිහාසික තීන්දුවක්.”
“රටේ ජනතාවගෙන් තුනෙන් එකකට නිවාස නැහැ. අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. අපි ජනතාවට නිවාස අයිතිය ලබාදෙනවා.”
“අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේදී ලබාදෙනවා.”
“රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබාදුන්නා. විශ්‍රාමිකයින්ගේ වැපුට් වැඩි කළා. වැටුප් විශ්‍රමතා ගැටලුවත් නොබෝ කාලයකින් විසදුම් ලබාදෙනවා.”
“ආර්ථිකය ඉදිරියට යද්දී අපි බදු බර අඩු කරනවා. වැට් ප්‍රතිශතයත් සංශෝධනය කරනවා.”
“මේ වසරේ අපේ ආදායම රුපියල් බිලියන 4,127යි. වියදම රුපියල් බිලියන 6,978යි. ණය ආර්ථිකයෙන් මිදුනේ නැත්නම් අපිට අනාගතයක් නැහැ.”
“එන්න එකට එක්වී අපි හදමු අලුත් රටක්.”


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart