
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ වරදකරුවන් වී එල්ටීටීඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාව ලබාදී තිබේ.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ නිර්දේශය අනුව,නාගලිංගම් මදන්සේකර් සහ සෙල්වතුරෙයි කිරුබාකරන් යන සිරකරුවන් යහපත් හැසිරීම් පෙන්නුම් කළ බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තාවක් මගින් තහවුරු කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල යටතේ සිරකරුවන්ට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදී ඇත.
කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු දෙදෙනාම වරදකරුවන් වී ඇත.
මදන්සේකර් 2023 මාර්තු 29 වැනි දින හදිසි (විවිධ විධිවිධාන සහ බලතල) රෙගුලාසි යටතේ ගොනු කරන ලද චෝදනාවලට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටියේය.
කිරුබාකරන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු වී තිබිණි.
ඔහුගේ වරදට එරෙහිව ඔහු අභියාචනයක් ගොනු කර තිබූ නමුත් 2022 ජූලි 20 වැනි දින අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව සහ දඬුවම ස්ථිර කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart