
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) සවස යාපනයේ කන්කසන්තුරේ පිහිටි නිවසේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හමුවී තිබේ.
මෙම හමුවේදී තමිල් අරසු කච්චි නායකයා, ජනාධිපතිවරයා මැතිවරණය ජයග්‍රහණය කර උතුරේ සංවර්ධනය සහතික කරනු ඇතැයි විශ්වාසය පළකර ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ තම “පුළුවන් ශ්‍රී ලංකා” ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස මහජන රැලියක් සඳහා යාපනයේ සංචාරයක නිරතව සිටින අතරතුර තමිල් අරසු කච්චි නායකයාගේ ආරාධනයකට අනුව මෙම හමුව සිදුව ඇත.
දෙමළ ජාතික සන්ධානයේ (TNA) ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැළකෙන තමිල් අරසු කච්චිහි ස්ථාවරය තවමත් මතභේදාත්මකව පවතී.
ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් සමඟි ජන බලවේගය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර ඇති බව එම පක්ෂය කලින් නිවේදනය කළේය.
2024 සැප්තැම්බර් 01 වැනි දින පැවැති ජනමාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් මෙම තීරණය දැනුම් දෙන ලදී.
සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.
කෙසේවෙතත්, සැප්තැම්බර් 01දා තමිල් අරසු කච්චිහි නායක මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබුණේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් බව කියන මෙම තීරණය පිළිබඳව තමන් නොදන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart