
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් 2024 ජනාධිමැතිවරණය වෙනුවෙන් උදෑසනම ඡන්දය ප්‍රකාශ කර ඇත.
සිය උප ජනාධිපති කමලා හැරිස් වෙනුවෙන් ජනාධිපතිවරයා මෙලෙස ඡන්දය ප්‍රකාශ කළේය.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, බයිඩ්න් සඳුදා ඩෙලවෙයාර් ප්‍රාන්තයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ බවයි.
එම ඡන්ද මධ්‍යස්ථානය ඩෙලවෙයාර් හි ඔහුගේ නිවසට නුදුරින් පිහිටි ස්ථානයක් වන අතර එය සූදානම් කර ඇත්තේ කළින් ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයක් ලෙසයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදී තවත් ඡන්දදායකයන් පිරිසක් ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාර්ගයේ පෙළගැසී සිටි බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
බයිඩ්න් ද තම ඡන්දය ප්‍රකාශ කිරීමට පෝලිමේ සිට ඇති අතර පැමිණ සිටි ඡන්දදායකයන් සමඟ සුහද පිළිසඳරක ද නිරත වී තිබේ.
එමෙන්ම ඔහු තමාට ඉදිරියෙන් රෝද පුටුවක සිටි වැඩිහිටි කාන්තාවක් තල්ලු කරගෙන යෑමට ද උපකාර කර ඇත.
ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර විනාඩි 40ක් පමණ පෝලිමේ රැඳී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart