May 22, 2024

ජනාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් පවත්වනු ඇති බවට මත පළ වී තිබුණද, මේ වසරේ පළමුවෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

අද පෙරවරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම වසරේ නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.

සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළේ මැයි 09 වැනිදාය.

ඒ අනුව, ජූලි අග සිට අගෝස්තු මුල දක්වා කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.