December 25, 2025

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.

අද (25) පෙරවරුවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේහය තැන්පත් කර ඇති කැලණියේ පිහිටි ඔහුගේ නිවස වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළකර සිටියේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.