
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ ”ඇමතිතුමා මම මේ සම්බන්ධයෙන් හෙළිදරව් කරනවා. මේ කතා කරන මොහොතේ අද ඩොලරය දැන් 338.78 යි. දැන් මම මේ ගණනය කළේ අයි එම් එෆ් එකෙන් ලැබෙන් තියෙන්නේ පස් වෙනි වතාවට මිලියන 350 යි. ඒ මිලියන 350, 335 න් වැඩි කළොත් ලැබෙන්න තියෙන්නේ බිලියන 117 යි. මේ අවප්‍රමාණය ඒ කියන්නේ මේ තොග ණය යූ එස් ඩොලර් බිලියන 39 ක් අද සම්පූර්ණ විදේශ ණයක් වශයෙන් තිබෙනවා. මේක 293 ඉඳන් 338 ට සම්පූර්ණයෙන් අවප්‍රමාණය වුනහම තොග ණය බලපෑම බිලියන 1688 යි.”
ඉතිං මේ ආණ්ඩුවෙන් අහන්නේ අයි එම් එෆ් එකට වැඳලා පුදලා විදුලි බිල වැඩිකරනවා. තෙල් ටික වැඩි කරනවා. දැන් රුපියල අවප්‍රමාණය කරනවා. තව සුමානයක් යන්න කලින් පොලී අනුපාතයත් වැඩි කරාවි. ඒ ඔක්කොම කරලා අපිට ලැබෙන්නේ බිලියන 117 ට අවප්‍රමාණයේ වියදම බිලියන 135 යි. ණය එන්න ඉස්සෙල්ලා රට අලාභයටයි පත්වෙන්නේ. මේ වගේ දේවල්ද ස්වාධීන බැංකුවක් විදිහට කරන්න අවශ්‍ය වන්නේ මහ බැංකුවෙන්. මහ බැංකුවේ අධිපති කියනවා. මට දන්නේ නෑ. මේක විදේශ ප්‍රශ්නයක්. ස්වාධීනත්වයක් ඉල්ලුවේ මොකටද? අවුරුදු 76 කට මේ වගේ ප්‍රශ්නයක් නොතිබුණ එක දැන් මේ වගේ තියලා ආණ්ඩුවට බර පවටවන එක නෙමෙයිද කරන්නේ?” ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart