
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන්ට ලැබුණු සුරාබදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියකුගේ නමට නිකුත් කර ඇති බවට කළ සාවද්‍ය ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 200ක මුදලක් වන්දි ලෙස ගෙවන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග විසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.
සිය නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි මඟින් මෙම එන්තරවාසිය යොමුකරමින් ඇමැතිවරයා දැනුම් දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත නොගෙවන්නේ නම්, එම මුදල හා ඒ මත නෛතික පොලියද, නඩු ගාස්තු ද අය කරමින් නඩු පවරන බවයි.
තම සේවාදායකයා වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් මාතර, අකුරැස්ස පැවැති රැස්වීමකදී කළ කතාව රූපවාහිනි, පුවත්පත්, සමාජ මාධ්‍ය හා රූපවාහිනිවල උදෑසන පුවත්පත් ප්රවෘත්ති කියවීමේ වැඩසටහන් ඔස්සේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පළකළ අදහස් අසත්‍ය බව නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි එම එන්තරවාසියේ සඳහන් කර තිබේ.
අදාළ අසත්‍ය ප්‍රකාශය මඟින් වත්මන් රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු හා මහ මැතිවරණයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වුණු තම සේවාදායකයා සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බරපතළ පලුදුවීමක් සිදුවීමට හැකියාව ඇති බව ද එන්තරවාසියේ සඳහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවාදායකයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසා ඇති අතර, තම සේවාදායකයාගේ නමින් හෝ ඔහුගේ නිර්දේශ මත වෙනත් අයකුට කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවටත් තම සේවාදායකයා සහතික වී ඇති බවත් නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි මඟින් එවා ඇති එන්තරවාසියේ වැඩිදුරටත් දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart