
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේදී සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ඇතුළු ක්‍රීඩකයන් ආසන්නයට දැඩි ආරක්ෂක වැට ඉක්මවමින් යෑමට පුද්ගලයකු සමත් විය.
මෙලෙස පිටියට කඩාවැදුණේ බ්‍රිතාන්‍ය හාස්‍යෝත්පාදක යූටියුබ් නිර්මාණකරුවකු වන ඩැනියෙල් ජාවිස් ය.
ඔහු එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගණයේ සිටි 30,000ක පමණ සෙනඟ මවිතයට පත්කරමින්, “ජාර්වෝ 69” ලෙස සටහන් කර ඇති නිල් ඉන්දීය කණ්ඩායම් කමිසයකින් සැරසී ක්‍රීඩා පිටියට පිවිසියේය.
ආරක්ෂකයන් ඔහුව රැගෙන යාමට පෙර කෝලි ජාර්විස් සමඟ කතාකරනු දැකගත හැකි විය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පැවසුවේ, “එය නැවත සිදුවීම වැළැක්වීම සඳහා අමතර ආරක්ෂක පියවරයන් අවශ්‍ය නම්” සළකා බලන බවයි.
අදාළ පුද්ගලයාට මෙම තරගාවලියේ අනෙක් තරග නැරඹීම තහනම් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.
ජාවිස් 2021 දීද ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ දේශීය ටෙස්ට් තරඟාවලිය අතරතුර තුන් වතාවක් පිටියට පැමිණ තිබේ.
“එක පකිස්ථාන මාධ්‍යවේදියකුටවත් වීසා බලපත්‍රයක් ලබාගත නොහැකි තත්වයක් යටතේ ජාර්වෝට වීසා ලබාගැනීමට හැකි වී ඇත්තේ කෙසේද?” යැයි විස්ඩන් ක්‍රිකට් මාධ්‍යවේදී බෙන් ගාඩ්නර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබේ.
Kohli x Jarvo ?❤️#viratkohli pic.twitter.com/2hjQAlJenZ
— ?????? (@wrogn_edits) October 8, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart