
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
ඊයේ (24) රාත්‍රියේ ටීවී දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, යෝජිත මෙම සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට ද බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවයි.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට ද බලපාන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේය. එමනිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් පමණක් එය ප්‍රමාණවත් නොවන බවත්, එවැනි සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක අනුමැතිය ද අවශ්‍ය වන බවත් ඔහු පැවසීය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමෙන් නඩු ඇසීම වේගවත් වන බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.
සාමාන්‍ය ජනතාව සම්බන්ධ බොහෝ නඩු විභාග වන්නේ මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ ඇතුළු පහළ අධිකරණවල බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්, ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමෙන් පහළ අධිකරණවල නඩු කඩිනම් නොවන බව පැවසීය.
“අපගේ තර්කය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම සංශෝධනයකට ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ එය ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන බැවින් බවයි. මෙය අධිකරණයේ ස්වාධීනත්වයටත්, ඒ හරහා ජනතා පරමාධිපත්‍යයටත් බලපාන කරුණක්. එම නිසා තුනෙන් දෙකක බහුතරය විතරක් මදි. ජනමතවිචාරණයකුත් අවශ්‍යයි” ඔහු පැවසීය.
කෙසේවෙතත්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේ, මුලික ගැටලුව වන්නේ මෙම සංශෝධනයට තුනෙන් දෙකක බහුතරයක් හෝ ජනමතවිචාරණයක් අවශ්‍යද යන්න පමණක් නොවන බවයි. ඒ වෙනුවට, යෝජිත සංශෝධනය යනු කිසිසේත්ම සම්මත නොකළ යුතු එකක් බව ඔහු සඳහන් කළේය.
“තුනෙන් දෙකේ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත වූ සංශෝධන තියෙනවා. ඒ වගේම සාදචාරාත්මක පදනම මත නොකළ යුතු යම් යම් දේවල් තියෙනවා. අධිකරණය විසින් තීරණය කරනු ලබන නීතිමය පැත්ත පැත්තකින් තැබුවත්, නොකළ යුතු දේවල් තියෙනවා. යම් දෙයක් කළ යුතුද නැද්ද යන්න තීරණය වන්නේ මෙම ව්‍යවස්ථාපිත ප්රතිපාදනවලින්ම විතරක් නෙමෙයි. එය මෙරට ප්රජාතන්ත්රවාදයට, මෙරට ජනතාවට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කරුණක්,” ඔහු වැඩිදුරටත් පැවසීය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමෙන් නඩු කඩිනම් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්, වැරදි කළ බවට චෝදනා ලබන පුද්ගලයන් සම්බන්ධ නඩු ප්‍රධාන වශයෙන් විභාග වන්නේ මහේස්ත්‍රාත් අධිකරණ, පහළ අධිකරණ සහ මහාධිකරණවල බව පැවසීය.
“විශ්‍රාම යන වයස වැඩිකිරීමෙන් මහාධිකරණයේ හෝ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කඩිනම් වන්නේ කොහොමද? මෙම නඩු අසන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරි වසර දෙක තුන ඇතුළත විශ්‍රාම යනවාද? අන්න ඒ නිසයි මම කියන්නේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය තර්කයක් බව” ඔහු පැවසීය.
යෝජිත සංශෝධනයට එරෙහිව නීතිඥ සංගමය තුළ සිටින කුඩා කණ්ඩායමක් නීතිඥයන් නියෝජනය කරන බවට කෙරෙන ප්‍රකාශ ද ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්ගේ විවේචනයට ලක්විය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය යනු නීතිඥයන් නියෝජනය කරන ප්‍රධාන සංවිධානය බවත්, නීතිඥයන්ගෙන් බහුතරයක් මෙම සංශෝධනයට විරුද්ධ නම්, ඔවුන්ට සංගමයේ මහා සභාවට පැමිණ තම විරෝධය පළකළ හැකි බවත් ඔහු පැවසීය.
“නීතිඥ සංගමයේ සාමාජිකයන් සභාපතිවරයා කියන දේ අන්ධ ලෙස කරන්නේ නැහැ. ඔවුන් විරුද්ධ නම්, ඉදිරියට ඇවිත් ඒ බව කියාවි. ජනප්‍රිය යැයි සැලකෙන, විවිධ ස්ථානවල මාධ්‍ය සාකච්ඡා පවත්වන නීතිඥයන් කිහිපදෙනෙකු සිටිනවා, ඔවුන්ගෙන් ඇතැමෙක් නීතිඥ සංගමයේ විධායක සභාවේ සාමාජිකයන්. ඒ අතර සිටින එක් විශේෂිත පුද්ගලයෙක් මෙයට විරුද්ධ බව විධායක සභා රැස්වීමකදී එකම වතාවක්වත් පවසා නැහැ” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart