
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ටෙස්ට් පන්දුයවන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තේය.
ඒ, ඉන්දියාවේ මුම්බායි හි ඊයේ පැවැති සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි 25වන සම්මාන උළෙලේදීය.
එහිදී වසරේ ක්‍රිකට් ක්රිඩකයාට හිමි සම්මානය හිමිකරගත්තේ ඉන්දීයාවේ සුබ්මන් ගිල්ය.
සියැට් වසරේ අන්තර්ජාතික සහ එක්දින පිතිකරු යන සම්මාන ද්විත්වය සුබ්ම්න් ගිල්ට හිමිවිමද විශේෂත්වයක් විය.
වසරේ විශිෂ්ඨතම අන්තර්ජාතික පන්දුයවන්නා සම්මානය නවසීලන්තයේ ටිම් සවුති සම්මාන දිනාගත්තේය.
වසරේ අන්තර්ජාතික පන්දුවාර විස්ස පිතිකරු ලෙස ඉන්දියාවෙි සූර්යකුමාර් යාදව් සහ වසරේ අන්තර්ජාතික පන්දුවාර 20 පන්දුයවන්නා ලෙස බුවනේෂ්වර් කුමාර් සම්මාන දිනාගත්හ.
වසරේ එක්දින පන්දුයවන්නා සම්මානය ඕස්ට්‍රේලියාවේ ඇඩම් සම්පාට හිමිවිය.
නවසීලන්තයේ කේන් විලියම්සන් වසරේ ටෙස්ට් පිතිකරුවා විය.
වසරේ හොදම පුහුණුකරු සම්මානය හිමිවූයේ නවසීලන්තයේ හිටපු ක්‍රිකට් නායක බ්රේනඩන් මැකලම් හටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart