
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැමරුම් උත්සව අතරතුර හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මන්නාරම සහ මුලතිව් ප්‍රදේශවලින් පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
පසුගිය සතිය තුළ උතුරේ පැවති සැමරුම් පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් පසුවූ බවත්, අදාළ ගැසට් රෙගුලාසි උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ඔහු සඳහන් කළේය.
උතුරේ, නැගෙනහිර හෝ දකුණේ ජීවත් වුවද, තම මියගිය ඥාතීන් සිහිපත් කිරීමට රජය ජනතාවට අවසර ලබා දී ඇති බව ඇමැති විජේපාල අවධාරණය කළේය.
කෙසේවෙතත්, තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කරන කිසිදු ක්‍රියාකාරකමකට ඉඩ නොදෙන බව ඔහු පැවසීය.
ඇතැම් පැරණි ඡායාරූප සහ විදේශයන්හි පැවති සැමරුම්වල දර්ශන, ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු වූ සිදුවීම් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් පවතින බවට ද අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart