
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්වවිද්‍යාල ආචාර්යවරියක් තමා වෙත එවූ අදහසක් බව පවසමින් කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත පහත සටහන සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත.
“අද බහුතරය කැමති සම්බා (කුඩා සහල් ඇට) වර්ගයේ බත් කන්න. අනිත් සහල් වර්ග වනත් කන්නේ සම්පූර්ණ නිවුඩ්ඩ ඉවත් කරලා ( පොලිෂ් කර). වැඩි පෝෂක ප්‍රමාණයක් ගවයින්ට දීලා අපේ ඇත්තෝ සම්බා බත් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නවා.
රතු හෝ සුදු සහලේ නිවුඩ්ඩ එක්ක බත් කනකොට බර වැඩියි. පෝෂණය වැඩියි. නිතර කුසගින්න දැනෙන්නේ නැහැ.
නමුත් පොලිෂ් කල සහලේ බත් වැඩි ප්‍රමාණයක් කන්න පුලුවනි. හැබැයි වැඩිපුර කෑවට නිතර ඉක්මනින්ම කුසගින්න දැනෙනවා. ඉතින් බත් කෑමට අමතරව අමතර ආහාර පාන (පිටි ආහාර)කන්න වෙනවා. ඉතින් ප්‍රතිඵලය දියවැඩියාව.
විශේෂයෙන්ම අපේ රටේ දරුවන්ට මෙය විශාල ගැටලුවක් බවට පත් වෙමින් පවතිනවා. ඊට හේතුව අම්මලා කැමතියි දරුවන්ට වැඩිපුර කෑම කන්න දෙන්න. ඉතින් පොලිෂ් කල හාල් කවනවා. ඇයි නිවුඩු සහලේ බත් වැඩිපුර කන්න බැහැනේ. පෝෂණය වැඩි නිසා ටිකක් කෑම ප්‍රමාණවත්. අනික හොදින් ආහාර ජීර්ණය සිදුවෙනවා. ඒවගේම නිතර කුසගින්න ඇති නොවන නිසා නිතර පිටි කෑම හා කෘත්‍රිම බීම වර්ග අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවෝ ලෙඩ වෙන්නෙත් නැහැ. ඒ වගේම දරුවන්ට අල, බතල, ධාන්‍ය පුරුදු කල යුතුයි. මේ ආහාර පුරුදු ඇති කලොත් කීරි සම්බා මත යැපෙන (කනවා නෙමෙයි බත් බොනවා) ඉහල පෙලේ පවුල් වල දරුවන් වත් නිරෝගී කල හැකියි ගරු ඇමතිතුමනි.
ඉතින් අපි බලමු හෙමින් මේ අදහස් පාසල් හරහා වත් දෙමින් ජනතාව නිවැරදි මාවතකට ගන්න. මොකද රටක් සංවර්ධනය කලාට වැඩක් නැහැනේ නිරෝගී පරපුරක් නිර්මාණය කරන්නේ නැතිව. මීට අදාල තව කරුණු රැසක් තිබෙනවා…”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart