
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ISIS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන බවට ඉකුත් දා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනාගෙන් එක් අයකු කුප්‍රකට පාතාල නායකයකුගේ පුත්‍රයකු බව ශ්‍රී ලංකා බලධාරීන් හෙළිකර ඇතැයි වාර්තා වේ.
ඉන්දීය බලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මොහොමඩ් නුස්රත්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, මාලිගාවත්තේ පදිංචි 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් සහ කොටහේන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මොහොමඩ් රෂ්ඩීන් යන පුද්ගලයන් සිව්දෙනෙකි.
ඒ අතරින් 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන් නමැත්තා 2004 වසරේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ කුප්‍රකට අපරාධකරුවකු වන ‘පොට්ට නවුෆර්’ හෙවත් නියාස් නවුෆර්ගේ පුත්‍රයා බවට හඳුනාගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පාසල් අධ්‍යාපනය හැරගිය නෆ්රාන් මෙරටට රැගෙනවිත් විකිණීම සඳහා ඇඳුම් මිලදී ගැනීමට ඉන්දියාවට නිතර යෑමට කටයුතු කරන බවයි.
2017 වසරේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත යටතේ ගොනුකර ඇති චෝදනා මත ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය බලධාරීන් විසින් අනාවරණය කරගත් බෝම්බ තර්ජනයක් හේතුවෙන් ISIS සැකකරුවන් සිව්දෙනා ඉකුත් සඳුදා අහමදාබාද්හිදී අත්අඩංගුවට ගැණිනි.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ, නගරයේ ගුවන් තොටුපළ මෙන්ම දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ පැවැත්වෙන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart