
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකළ චමින්ද්‍ර දයාන් ලේනව සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව සමගි ජන බලවේගය අද පැවසීය.
“ඇතැම් පිරිස් ලේනව සහ සමගි ජනබලවේගය සම්බන්ධ කරන්න හදනවා. අපිට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එයාව අපිත් එක්ක සම්බන්ධ කරන්න හදන අය මඩ ගහන එක විතරයි කරන්නේ” එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තමා ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකුගේ ඥාතියකු බව තවත් අය ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
ලේනව නමැත්තා මුලින් සමගි ජනබලවේගය සමග සම්බන්ධව සිටි රොහාන් පල්ලෙවත්තගේ නායකත්වයෙන් යුත් ජාතික සංවර්ධන පෙරමුණේ සාමාජිකයෙකු බව මීට පෙර වාර්තා විය.
ඔහු දැන් මේ වනවිට සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු බවද වාර්තා විය. මේ අතර ලේනව නමැත්තා ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරනු ඇතැයි සුජීව සේනසිංහ විශ්වාසය පළ කළේය.
“හිටපු ජනාධිපති සිරිසේනගේ ධූර කාලය වසර පහකට සීමාකළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර ඇති බැවින් අධිකරණයට මෙම තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් නැත,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart