
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙරටට රැගෙනවිත් තිබූ “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.
පසුගිය කාලය තුල දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑලිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත ඒවා තිබුණ පාර්සල් 10 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් 16.05.2023 දින පොලිස් මත් ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබේ.
එම පරික්ෂාවේ දී එහි තුල තිබී “කුෂ්” නමැති මත ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයාගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවට ශ්‍රී ලංකා රේගුව ගණන් බල ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart