
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිවිල් ඇදුමින් සැරසී ව්‍යාජ පොලිස් නිළධාරීන් ලෙස පෙනීසිටිමින් පුද්ගලයන්ගේ දේපළ, මිල මුදල් මංකොල්ලකෑමේ නිරත වන පිරිසක් පිළිබඳ පැමිණිලි ගණනාවක් මෙරට ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බව පොලිසිය සදහන් කරයි.
ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කර ඇත්තේ, ගමන්මලු, වාහන, නිවාස, යතුරුපැදි ආදිය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මෙම පිරිස් මංකොල්ලකෑමේ නිරත වන බවයි.
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන්හි නිළධාරීන් හැර අන් කිසිදු අවස්ථාවක පොලිස් නිළධාරීන් විසින් සිවිල් ඇදුමින් එසේ පරීක්ෂා කිරීම් සිදුනොකරන බවත්, යම් පරීක්ෂා කිරීමක දී නිල රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමට මහ ජනතාවට හැකියාවක් ඇති බවත් පොලිසිය පවසයි.
නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, අනන්‍යතාවය තහවුරු නොකර සිදුකරන පරීක්ෂාවන්ට මහජනතාව අවස්ථාව ලබානොදී, සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart