
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලයේ බෝධිරාජ සම්බුද්ධ ජයන්ති විහාරයේ සිදුවීම සම්බන්ධයෙන් අමරපුර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් සිය කණගාටුව පළකර තිබේ.
පොලිසිය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පහර දී විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය උල්ලංඝනය කර ඇති බව උන්වහන්සේ එම ලිපිය මගින් පවසා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියට අනුව බුද්ධාගම ආරක්ෂා කළ යුතු බවත්, තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය බැවින් ඔවුන් රෝහල්ගත කර සිටින බවත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන් ජනාධිපතිවරයා වෙත යොමුකළ සිය ලිපියෙන් පවසා ඇත.
එමෙන්ම අදාළ ලිපියේ සඳහන් වන්නේ මෙම පියවර නිසා ප්‍රදේශයේ බෞද්ධ ජනතාව කණගාටුවට පත්ව සිටින බවයි.
පොලිසියට එලෙස ක්‍රියාකිරීම සඳහා උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නාර්ථයක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත් මහා නායක හිමියන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.
එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමුකර විහාරස්ථානය ආරක්ෂා කර ගැනීමටත්, ඇතැම් ගොඩනැගිලි කඩා දැමීමේ මූලික සැලැස්ම අත්හිටුවීමටත් පියවර ගන්නා ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart