
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික සහජීවනයට බාධා පමුණුවන පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්ට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.
ආගමික අසමගිය ඇති කරමින් රජය අපහසුතාවට පත් කිරීමට සහ රටේ ස්ථාවරභාවය යළි කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවට බුද්ධි අංශ ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන බව පැවැසේ.
අදාළ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමැති අලස්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව අවධානයෙන් සිටීම සහ රටේ ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයේ ක්‍රියා වැළැක්වීමේ වගකීම පැවරෙන්නේ අලුතින් පිහිටුවනු ලබන නව පොලිස් ඒකකයයි.
සෞදි අරාබිය සහ ඉරානය වැනි විශාල මුස්ලිම් ජනගහනයක් සිටින රටවල මෙවැනි ආගමට එරෙහි ක්‍රියා වැලැක්වීම වෙනුවෙන් ආගමික පොලිසි පිහිටුවා ඇත.
(මුලාශ්‍රය dailymirror.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart