
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ විශ්‍රාම ගැනීමත් සමඟ නුදුරේදීම පුරප්පාඩු වීමට නියමිත පොලිස්පති ධූරයට නිලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ.
මේ වසර මුලදී සිය විශ්‍රාම ලේඛන ඉදිරිපත් කළ පොලිස්පති වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇත.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ලබාදී ඇති සේවා දිගුව ජුනි 26 වැනිදායින් අවසන් වීමතට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනට නිරතව සිටින නිල විදෙස් සංචාරය නිමවා ආපසු පැමිණි පසු නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් ‘ද මොර්නින්ග්’ පුවත්පතට පවසා ඇත. පොලිස්පතිධූරයට පත් කිරීමට නියමිත පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
මේ අතර, දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනකුගේ නම්, එනම් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත) එල්. පතිනායක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන් යන නිලධාරීන්ගේ නම් පොලිස්පතිධූරය සඳහා නම් කර ඇතැයි පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart