April 25, 2025

මහනුවර පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය සඳහා අධික ජනකායක් පැමිණීම හේතුවෙන් නව බැතිමතුන්ට පෝලිම්වලට එක්වීමට අවසර නොදෙන බව පොලිසිය නිවේදනය කර තිබේ.

ඇස්තමේන්තු කර ඇති පරිදි බැතිමතුන් 400,000 ක් දැනටමත් පෝලිමේ සිටින අතර, ඔවුන්ට පමණක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවසර දෙනු ලැබේ.

අප්‍රේල් 27 වැනි දින පස්වරුව වන විට වැඳපුදා ගැනීම් අවසන් වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

ප්‍රදර්ශනය අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් අප්‍රේල් 26 හෝ 27 යන දිනවල ප්‍රකාශයට පත්කෙරේ.

ප්‍රදර්ශනය අද (25) එහි අටවැනි දිනට පිවිසි අතර, ආගමික කටයුතු පෙ.ව. 11 ට ආරම්භ විය.