
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල කල්ලි සාමාජිකයින්ගේ මරණ තර්ජන හේතුවෙන් රටින් පිටව ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පෙබරවාරි 14 වැනි දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්තේ, තමාට සහ තම පවුලේ අයට එල්ල වන තර්ජනවලට එරෙහිව පූර්වාරක්ෂාවක් ලෙස සඳහන් කරමිනි.
ඔහුට තර්ජනය කළ බව කියන පාතාල සාමාජිකයන් අතර කංජිපානි ඉම්රාන් සහ හීනටියන මහේෂ් ද සිටින බව පැවැසේ.
තමාට අපරාධකරුවන්ගෙන් එල්ල වූ බව කියන තර්ජන පිළිබඳව පොලිස් පරීක්ෂක ජයතිලක ගුවන් යානයේ සිට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කිහිපයක් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින්, ප්රතිලාභ හෝ වාසි ලබාගැනීමට පොලිස් පරීක්ෂකවරයා උත්සාහ කරන්නට ඇතැයි පොලිසිය සැකකරන බවයි.
ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේදී සැකකරුවන් දෙදෙනෙකුට වස පානය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ අදාළ නිලධාරියාට එල්ල වූ තර්ජන උග්‍ර වූ බවයි වාර්තා විය.
කෙසේවෙතත් පහුගිය කාලයේ පාතාල අපරාධකරුවන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව එම නිලධාරියා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෙළි නොකළ බව එම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පසුගිය වසරේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක ජයතිලක මමූලික වී සිටි බව වාර්තා විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ‘හරක් කටා’ පළායෑමට තැත්කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස් පරීක්ෂක ජයතිලක ද සම්බන්ධ විය.
එම විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් පවසන්නේ, අදාළ නිලධාරියා පෙබරවාරි 14 සිට මාර්තු 6 දක්වා නිවාඩු ලබාගෙන ඇති අතර, මාර්තු 6ට පෙර ඔහු රාජකාරියට නොපැමිණියේ නම්, ඔහු තනතුරෙන් ඉවත් වූවා සේ සලකන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart