
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (14) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) සතිෂ් ගමගේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් විසින් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ SSP සතිෂ් ගමගේ අගෝස්තු 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමට අනුව, සැකකරු, ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, වෙනත් පුද්ගලයකුගේ නමින් පෞද්ගලික බැංකුවල බැංකු ගිණුම් තුනක් විවෘත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිස් සේවා ලබාගන්නා පුද්ගලයන්ගෙන් සහ වෙනත් වැරදිකරුවන්ගෙන් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 14 ක් පමණ ලබාගෙන ඇති බවත්, ඒවා එම ගිණුම්වලට තැන්පත් කර ඇති බවත් චෝදනා එල්ල වේ.
ඒ අනුව, අල්ලස් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart