October 13, 2026

කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ජැමෙයිකානු ජාතිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි හෝටලයක සහ වෙළඳ සංකීර්ණයකදී සිදු කළ වැටලීමකදීය.

එහිදී පොලිස් භාරයට ගැනුණු කොකේන් තොගය මුළු බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 49 ක් බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 23 සහ 48 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ අවුරුදු 43 සහ 52 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු වන අතර, ඔවුන් සියලු දෙනාම ජැමෙයිකානු ජාතිකයෝ වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.