
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස් රථයක් තුළදී පාසල් දැරියකට ලිංගික හිරිහැර කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු සහ හිටපු නාවික හමුදා සෙබළකු ජාඇල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව සිට කඳාන දක්වා මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම පාසල් සිසුවියට මෙලෙස ලිංගික හිරිහැර කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අයකු බව පොලිසිය අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබළා මාතලේ ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි අයකු බවද වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජා-ඇළ පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart