
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට පෙර ලබාදුන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 68 දෙනකු නීතිවිරෝධී ලෙස නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර කියාසිටියේ, පසුගිය වසරේ නත්තල් උත්සවය වෙනුවෙන් රැඳවියන් 57 දෙනකු සහ මෙම වසරේ නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 11 දෙනෙකු නිදහස් කර ඇති බවයි.
”වරදකරු වූ සිරකරුවකු අනවසරයෙන් මුදාහැර ඇතැයි අනාවරණවීමත් සමඟම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව පසුගිය වසරේ නත්තල් දිනයේ සිරකරුවන් 57 දෙනෙකු සහ මේ වසරේ නිදහස් දිනයේ සිරකරුවන් 11 දෙනෙකු නිදහස් කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කමිටුවක් පත්කළා.” ඔහු පැවසුවේය.
”මේ අතර තුෂාර උපුල්දෙණිය අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවමින් දන්වා ඇත්තේ, වරදකරු වූ සිරකරුවා නිදහස් කිරීම සාමාන්‍ය සහ සාධාරණ බවයි. ජනාධිපතිවරයා විසින් බලය පවරන ලද ලැයිස්තුවේ සිරකරුවාගේ නම තිබේ දැයි සොයාබැලීම වෙනුවට ඔහු සිදුකර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයට සාධාරණීකරණය කිරීමක් දැනුම් දීමයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ඔහු අත්අඩංගුවට ගත්තා.” ඔහු පැවැසුවේය
නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මේ බව කියාසිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් පළකිරීම හේතුවෙන් දැනට සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීම සඳහා කැඳවූ ජනමාධ්‍ය හමුවකදීය.
ජනාධිපති සමාව යටතේ අනවසරයෙන් මුදාහැරීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart