September 11, 2025

අයිස් මත්ද්‍රව්‍ය ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොයන පසු­ගිය පළාත් සභා මැති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස ප්‍රාදේ­ශීය සභා­වට තරග කළ සම්පත් මන­ම්පේරි නමැ­ත්තාට අයත් බව කියන සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක් ඇඹි­ලි­පි­ටිය ප්‍රදේ­ශයේ ගරා­ජ­යක දමා ගොස් තිබි­යදී ඇඹි­ලි­පි­ටිය පොලී­සිය විසින් සොයාගෙන තිබේ.

ගරා­ජයේ හිමි­කරු නොමැති අව­ස්ථා­ව­කදී අලු­ත්වැ­ඩියා කට­යු­ත්තක් සඳහා යැයි පව­ස­මින් පසු­ගිය 07 දා යම් පුද්ග­ල­යකු විසින් ගරා­ජ­යට සුඛෝ­ප­භෝගී කාර් රථ­යක් දමා ගොස් ඇත.

එම වාහ­නය ගෙනැ­විත් භාර­දුන් අයගේ දුර­ක­තන අංක ක්‍රියාවිර­හි­තව ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් ගරාජ හිමියා පොලී­සි­යට දැනුම්දුන් බව පොලී­සිය පව­සයි.

පොලි­සිය විසින් කරන ලද පරී­ක්ෂා­ව­කදී අනා­ව­ර­ණය වී ඇත්තේ වාහ­නයේ හිමි­කරු සම්පත් මන­ම්පේරි නමැති අය බවය.