
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය ප්‍රතිසංස්කරණය කිරීමේ සමරු ඵලකය විවෘත කිරීමට පැමිණිය ද එම අවස්ථාවට සහභාගී නොවී ආපසු හැරීගිය බවට පළ වූ ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අදහස් පළකර තිබේ.
ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ එම ජනමාධ්‍ය වාර්තා අසත්‍ය බව සහ එවැනි කිසිඳු සිදුවීමක් නොවූ බවයි.
තමන් එම ස්ථානයට පැමිණියේ වසර ගණනක් පුරා අතහැර දමා තිබූ පිහිනුම් තටාකයක් නිරීක්ෂණය කිරීමට සහ මුදල් යොදවා පිළිසකර කර එය යථාතත්වයට පත්කිරීමේ හැකියවක් තිබේ ද යන්න සොයාබැලීම සඳහා බව ද අමාත්‍යවරයා පැවසුවේය.
එහෙත් ඇතැම් ජනමාධ්‍ය එම සිදුවීම විකෘති කර විකාශය කර ඇති බවත්, තමන් එහි සංචාරය කළේ විවෘත කිරීමක් සඳහා බවත් වාර්තා කර ඇති බවට අමාත්‍යවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ, තමන්ගේ ප්‍රධානත්වයෙන් එය නැවත විවෘත කරන බවට පුවරුවක් සකස් කර තිබූ නමුත්, පිළිසකර කිරීමේ වැඩසටහනකදී පුවරුවක් විවෘත කිරීමක් සිදුකිරීම අනවශ්‍ය බැවින් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart