November 3, 2026

මව්බිම සහ සිලෝන් ටුඩේ ජනමාධ්‍ය සේවකයන් සංවිධානය කරන විරෝධතා හමුව හා අත්සන් එකතු කිරීම අද (03) උදේ 9.30ට කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේ පිහිටි එම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

වැටුප් නොගෙවීම, වැටුප් ප්‍රමාදය, සේවක අර්ථසාධක අරමුදල් රඳවාගැනීම හා සුබසාධක අරමුදලේ වංචා ඇතුළු පාලනාධිකාරියේ කම්කරු විරෝධී පිළිවෙත් හා කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම ගැන මෙහිදී සාකච්ඡාවට ලක්වනු ඇති බව පැවැසේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය කම්කරු කොමසාරිස්වරයාට දැනටමත් මේ ගැන පැමිණිලි කර ඇති අතර, එම ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් ද මෙහිදී අදහස් දක්වනු ඇත.