
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වගා කටයුතු සඳහා බදු පදනම මත ලබා දී තිබුණද මෙතෙක් කිසිදු වගාවක් සිදු නොකර අතහැර දමා ඇති රජයට අයත් කෘෂිකාර්මික ඉඩම් නැවත පවරාගෙන, ඒවා ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබාදීමට පියවර ගන්නා ලෙස ඉඩම් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
විවිධ වගා ව්‍යාපෘති සහ ආයෝජන සඳහා පුද්ගලයින්ට මෙන්ම ආයතන වෙත රජයේ කෘෂිකාර්මික ඉඩම් බදු දී තිබුණද, ඉන් ඇතැම් ඉඩම් නිසි පරිදි වගා නොකර අපතේ යන ලෙස අතහැර දමා ඇති බවට නිරීක්ෂණය වී ඇත.
ඊට අනුකූලව, අදාළ බදු ගිවිසුම්වල කොන්දේසි සහ පවතින නීතිමය පටිපාටියට අනුකූලව එවැනි ඉඩම් හඳුනාගෙන නැවත රජයට පවරා ගැනීමට කටයුතු සම්පාදනය කෙරෙනු ඇත. මෙසේ පවරා ගන්නා ඉඩම්, වගා කිරීමේ සැබෑ හැකියාව ඇති පාර්ශ්ව වෙත ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වෙන්කර දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තමන්ට වෙන් කර දුන් ඉඩම් මෙතෙක් වගා කර නොමැති බදුකරුවන් 135 දෙනෙකු බලධාරීන් විසින් දැනටමත් හඳුනාගෙන තිබේ. එම ඉඩම් නැවත අත්පත් කරගෙන ඵලදායී කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් පවතී.
දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා උදාකිරීම සහ ග්‍රාමීය ජනතාව සඳහා අතිරේක ආදායම් මාර්ග උත්පාදනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart