
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය වශයෙන් සලකා බැලීමේදී HIV ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩුකිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා ඇතත්, නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටින බව ගෝලීය දත්ත අනාවරණය කරයි.
ගෝලීය වශයෙන් වාර්තා වන දත්ත සලකා බැලීමේදී 2010 වසරට සාපේක්ෂව 2024 දී නව HIV ආසාදන 40% කින් පහත වැටී ඇත.
කෙසේවෙතත් UNAIDS, HIV/AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන සඳහන් කරන්නේ, පහත වැටීමේ අනුපාතය කලාපයන් අනුව වෙනස්වන බව සහ ශ්‍රී ලංකාව අනුගමනය කරන වැරදි ක්‍රියාමාර්ග නිසා රෝග ව්‍යාප්තිය වර්ධනය වන බවයි.
එම කාලය තුළ ඇස්තමේන්තුගත නව HIV ආසාදිතයින්ගේ 48% ක වැඩිවීමක් රට තුළ වාර්තා වී ඇති අතර, එය ශ්‍රී ලංකාව තුළ HIV සම්ප්‍රේෂණය විශාල ලෙස ඉහළ යෑම පෙන්නුම් කරයි.
2024 දී මෙරටින් නව HIV ආසාදිතයන් 824 ක් වාර්තා වී ඇති අතර, එය එක් වසරක් තුළ වාර්තා වූ ඉහළම අගය බව පැවසේ.
තවද, වත්මන් ඇස්තමේන්තුවලින් පෙනීයන්නේ රට තුළ පුද්ගලයන් 5,700 ක් පමණ HIV වෛරසය ශරීරය තුළ තිබියදී ජීවත් වන බවයි.
කෙසේවෙතත් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය ද මෙරට සාමාන්‍ය වැඩිහිටි ජනගහනය අතර සමස්ත HIV ව්‍යාප්තිය 0.1% ට වඩා අඩු මට්ටමක පවතී.
2010 සිට 2024 දක්වා වූ දත්ත මගින් හෙළිවන්නේ 2010 දී 121 ක් ලෙස වාර්තා වූ HIV රෝගීන් සංඛ්‍යාව 2024 දී 824 දක්වා ස්ථාවර හා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
වයස අවුරුදු 15 ට වැඩි පිරිමින් අතර රෝගීන් නවගුණයකට වඩා වැඩි වී ඇති බැවින්, පිරිමින් ආසාදනවලින් අතිමහත් බහුතරයක් සඳහා වගකිව යුතු බව නිරූපණය වේ.
ඒ අනුව ආසාදිත පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 2010 දී 76 ක් ලෙස වාර්තා වූ අතර 2024 දී 722 දක්වා ඉහළ ගොස් ඇත.
තරුණ ප්‍රජාව අතර එම තත්වය සැලකිය යුතු වැඩිවීමක් පෙනෙන්නට තිබේ.
වයස අවුරුදු 15-24 අතර වයස් සීමාවේ පසුවන්නන් අතර HIV රෝගීන් වාර්තා වීම 2010 දී 13 සිට 2024 දී 115 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතරින් වඩාත්ම කැපීපෙනෙන වයස් මට්ටම වන්නේ අවුරුදු 20-24 අතර සීමාවයි.
එම වයස් සීමාවේ පසුවන පිරිමින් අතර 2010 දී රෝගීන් 10 දෙනකු වාර්තා වී ඇති අතර, 2024 වන විට රෝගීන් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart