
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරුණ එක්දරු මවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් නියමව සිටි ‘පොඩී’ නැමැත්තා අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
විත්තිකරු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සළකා බැලූ මේනකා විජේසුන්දර සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී ඇත.
නිවසට ගෙනගොස් ඇරලවන බවට පොරොන්දු වී සිය යතුරුපැදියට නංවාගත් තරුණ එක්දරු මවක් කැලෑබද ප්‍රදේශයකදී දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.
2022 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වනදා හම්බන්තොට මහාධිකරණය විසින් සැකකරුට එම චෝදනාවට වසර 8ක සිරදඬුවම් සහ රුපියල් 5000ක දඩයක් නියම කර තිබිණි.
එසේම එහිදී අධිකරණය හම්බන්තොට මහාධිකරණය විසින් විත්තිකරු වෙත නියෝග කර තිබුණේ වින්දිත කාන්තාවට රුපියල් 150,000ක දඩයක් ද ගෙවන ලෙසටය.
දූෂණයට ලක්වූයේ යැයි කියන කාන්තාව අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය අනුව එවැනි දූෂණයක් ඇයගේ කැමැත්තකින් තොරව කිසිසේත්ම සිදුවිය නොහැකි බව පෙන්වාදෙමින් විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී තිබේ.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart