May 18, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය විසින් රාජ්‍ය නායකයෙකුට පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානය වන ‘රෝයල් ඕඩර් ඔෆ් පෝලර් ස්ටාර්’ (Royal Order of Polar Star) සම්මානය පිරිනමන ලදී.

මෙය අග්‍රාමාත්‍ය මෝදි ලැබූ 31 වන ජාත්‍යන්තර ගෞරව සම්මානයයි.

මෙම සම්මානය රාජ්‍ය නායකයෙකුට පිරිනැමිය හැකි ඉහළම විශිෂ්ටතා ඇගයීම වේ.

නිල වෙබ් අඩවියට අනුව, ‘රෝයල් ඕඩර් ඔෆ් ද පෝලර් ස්ටාර්’ සම්මානය 1748 දී ආරම්භ කර ඇති අතර, එය ස්වීඩනය වෙනුවෙන් හෝ ස්වීඩන් අවශ්‍යතා වෙනුවෙන් සිදුකළ පුද්ගලික කැපවීම් (විශේෂයෙන් පොදු කටයුතු තුළදී) මෙන්ම රාජ්‍ය රාජකාරි සහ වගකීම් සාර්ථකව ඉටු කිරීම ඇගයීම සඳහා පිරිනමනු ලබන්නකි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ ස්වීඩනයට පැමිණියේය.

ගොතන්බර්ග් ගුවන් තොටුපළේදී ස්වීඩන් අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් (Ulf Kristersson) විසින් ඔහුව පිළිගනු ලැබීය.