
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශීය කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිදුවීම් දෙකක් මෑත කාලීනව වාර්තාවීම හේතුවෙන් ප්‍රධාන සංචාරක ගමනාන්ත සඳහා සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසන්නේ, දැනටමත් සංචාරකයන් ගැවසෙන බොහෝ ස්ථානවල සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් මුර සංචාරයේ යෙදෙන අතර සංචාරක පොලිස් අංශයේ නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද එම ප්‍රදේශවල ස්ථානගත කර ඇති බවයි.
සංචාරක ගමනාන්ත සෑම තැනකම පාහේ පොලිස් මුරපොලවල් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන බවත්, සංචාරකයන්ට ඕනෑම වේලාවක පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉඩ සැළසෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“මෙම බොහෝ ස්ථානවල සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඉන්නවා, නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද රාජකාරියේ යෙදී ඉන්නවා. කෙනෙකුට හිරිහැර කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කටයුතු කරන නිසා ගැටළුවක් ඇති වෙන එකක නැහැ කියලා අපි විශ්වාස කරනවා. කාටහරි පැමිණිල්ලක් කරන්න අවශ්‍ය නම්, ඔවුන්ට ළඟම ඇති සංචාරක පොලිස් මුරපොළට කෙලින්ම යා හැකියි.” යැයි ඔහු පැවසීය.
අන්තර්ජාතික අවධානය දිනාගෙන ඇති සිදුවීම් දෙකක් පොලිසිය මේ වනවිටත් විමර්ශනය කරමින් සිටී.
පළමු සිද්ධියට අදාළ විමර්ශනය විදේශීය කාන්තාවකට පුද්ගලයකු විසින් ලිංගික හිරිහැර කරන ආකාරය පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමග ආරම්භ විය.
තිරුක්කෝවිල් පොලිසිය සමඟ එක්ව පොලිස් සංචාරක අංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර, පෙරියනීලවනයි පොලිස් කොට්ඨාසයේ කළුවන්චිකුඩි එල්ලයි වීදියේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු නොවැම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සිදුවීම ඔක්තෝබර් 25 වැනිදා සිදුවී ඇති බවට විශ්වාස කෙරේ.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසු, විදේශීය කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධ තවත් සිදුවීමක් මහනුවරදී වාර්තා විය.
මාවතගම පොලිස් බල ප්‍රදේශයට අයත් පරගහදෙණිය ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික හිරිහැර කළ බව කියන 32 හැවිරිදි පුද්ගලයකු මහනුවර සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart